Pages

Saturday, May 15, 2010

Ubuntu 10.04 වලට අළුත් පිවිසුම් තිරයක් දා ගමු.


ඉතින් මේ ලියන්න හදන්නේ මගේ අළුත් සටහනට ලියන මුල්ම ලිපිය. මේකෙන් මේ කියන්න හදන්නේ Ubuntu 10.04 "Lucid Lynx" වල එන Login Screen එක මේ පින්තූරෙ තියනවා වගේ ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න පුළුවන් සරල ක්‍රමයක් ගැන. පියවර වශයෙන් මෙන්න මෙහෙමයි.

1. මුලින්ම Terminal එකක් Open කරගන්න.

2. ඊටපස්සේ ඒක පාවිච්චි කරලා මෙන්න මේ පහත තියන විධානය දෙන්න.

sudo cp /usr/share/applications/gnome-appearance-properties.desktop /usr/share/gdm/autostart/LoginWindow

3. දැන් ඔයාල විධාන දෙන්න භාවිතා කරපු Terminal එක Close කරලා නැවත Ubuntu වලට Log වෙන්න. 
( ඔබලාගේ පරිගණකය Restart කිරීමට අවශ්‍ය නොවේ ).

4. ඔයාල වෙනදට Password එක දෙන්න හදන තැනට දැන් මේ පහළ තියනවා වගේ Window එකක් ඒවි. 

Window එකේ Background කියන Tab එකට යන්න. ඒකෙන් කැමති පසුබිම් පින්තූරයක් තෝරගන්න. ඒ වගේම ඒකෙ තියන Add බොත්තම ඔබලා ඔයාලට කැමති පින්තූරයක් එකතු කරගන්න වුණත් පුළුවන්. ඊට පස්සේ ඒ Window එක Close කරල,  ඔයාලගේ Password එක ගහල Log වෙන්න.

5. දැන් ඊළගට ආයෙම Terminal එකක් Open කරගන්න. ඒකෙන් මෙන්න මේ විධානය දෙන්න. ( මේ පියවර නොකළොත් Ubuntu වලට Log වෙන හැමවෙලාවකදිම පසුබිම් මාරු කරන Window එක එනවා.)

sudo unlink /usr/share/gdm/autostart/LoginWindow/gnome-appearance-properties.desktop

6. දැන් Terminal එක Close කරලා දාන්න.

ඉතින් පොඩ්ඩක් උත්සහ කරල බලන්න ඔයාලත් ලස්සන පින්තූරයක් දාගන්න. ඔයාල කැමතිම පින්තූරයක් දාගෙන සතුටින් Ubuntu වෙත පිවිසෙන්න...


8 comments:

  1. අලුත් වැඩකට අත ගහල තියෙන්නෙ එළ එළ දිගටම කරගෙන යන්න.
    මාත් දාල බලන්න ඕනි පින්තූරයක්.....

    ReplyDelete
  2. elamakiri.... keep it up...

    ReplyDelete
  3. බොහොම ස්තුතියි හැමෝටම....

    සමහරවිට මේ වැඩේ කරන්නම මීට වඩා ලේසි ක්‍රම ඇති.
    එහෙම තියනව නම් ඒක කමෙන්ටුවක් විදියට හරි එකතු කරන්න...
    ඒක හැමෝටම උපකාරයක් වෙයි...
    :)

    ReplyDelete
  4. එළ වැඩක්..........
    Tech ලොව දිගු ගමන ඔන්න අපෙන් සුභපැතුම්
    මමත් try කරලා බලන්නකෝ පින්තුරයක් දන්න‍‍‍......

    ReplyDelete
  5. අඩො වෑඩෙ නම් එල..හුගාක් වටිනවා...ඩිගටම කරගෙන පලයන්..
    keep it up..

    ReplyDelete
  6. නවතම Tech ලොවේ සවාරියේ දීර්ඝ ගමනක් උදෙසා මගෙන් සුභ පැතුම් !!!!!!!!!!!!!

    ReplyDelete

ඔබගේ අදහස් පවසන්න ...
මට ඒව මසුරන් වටිනවා ....