Pages

Wednesday, June 23, 2010

උබන්ටු වලට MySQL දාගනිමු.

පරිගණක පිලිබදව හදාරන සිසුවෙකුට, පරිගණක දත්ත ගබඩා කළමණාකරණය (Database Management) පිලිබද අනිවාර්යයෙන්ම වාගේ ඉගෙනගන්න වෙනවා. මයික්‍රොසොෆ්ට් ඇක්සස් (Microsoft Access) වාගේ දත්ත ගබඩා කළමණාකරණ මෘදුකාංග මූලික පරිගණක අධ්‍යාපනය යටතේ හදාරනු ලබන අතර ඉහල ඉගෙනුම් කටයුතු වලදී MySQL, SQL Server වැනි මෘදුකාංග අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබේ. එහෙත් මේ මෘදුකාංග වින්ඩෝස් (Microsoft Windows) මෙහෙයුම් පද්ධතිය තුළ ස්ථාපනය (Install) කර භාවිතයට ගැනීම බොහෝ දෙනෙකුට ගැටළුවක් නොවේ. මේ ලිපිය මගින් දිගහැරෙන්නේ, MySQL උබන්ටු පාරිසරිකයේ ස්ථාපනය කොට භාවිතා කරන්නේ කෙසේද යන්නයි. මේ සදහා උබන්ටු වල ඇති Synaptic Package Manager ද භාවිතා කළ හැකිය ( System  -> Administration -> Synaptic Package Manager ). මෙහිදී සරළව විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ Terminal මගින් විධාන ලබාදී සිදුකරන ක්‍රමය ගැනයි.

පළමුව Terminal එකක් විවෘත කරගන්න (Application -> Accessories -> Terminal).
ඉන්පසු එම Terminal එක මත මෙලෙස Type කර Enter ඔබන්න.

sudo apt-get install mysql-server mysql-client

දැන් උබන්ටු මත MySQL ස්ථාපනය වීම ඇරඹේ. එය අවසන් වූ පසු අපි බලමු MySQL ක්‍රියාත්මක වන තත්වයට පත් කරගන්නේ කෙසේද කියා.

පළමුව අපි කළ යුත්තේ අන්තර්ලාජාලයේ ඕනෑම කෙනෙක්ට මෙය ක්‍රියාත්මක කළ හැකි තත්වයට පත් කිරීමයි. ඒ සදහා පහත වෙනස්කම සිදුකළ යුතුය. ඒ සදහාත් අපි Terminal එකම භාවිතා කරමු. එහි මෙසේ type කරන්න.

sudo gedit /etc/mysql/my.cnf

ඉන්පසු gedit මගින් ඔබට File එකක් විවෘත කර දෙනු ලැබේ. එහි පහළට පරීක්ෂාකරමින් යන විට ඔබට පහත ආකාරයේ පේළියක් දැකීමට හැකිය.

bind-address = 127.0.0.1

මේ පේළිය comment කරන්න. එ සදහා මේ වාක්‍යයට මුලින් '#' සංතේකය යොදන්න. එම වෙනස්කම සිදුකර file එක save කර close කර දමන්න. දැන් මූලික සැකසීම් කටයුතු සිදුකර අවසානයි. මීළග පියවර ලෙස ඇත්තේ රහස් වචන සැකසීමයි. MySQL ආරම්භයේම පවතින්නේ රහස් වචනයක් නොමැතිවයි. ආරක්ෂාව සදහා රහස් වචනයක් ස්ථාපනය කිරීම මීළග කටයුත්ත වන අතර ඒ සදහාද අපි Terminal එකම භාවිතා කරමු.

mysqladmin -u root password your-new-password
  
/etc/init.d/mysql restart

දැන් සියලු කටයුතු අවසන්. දැන් ඔබට MySQL භාවිතා කළ හැකිය. MySQL Terminal එක ලෙස Ubuntu Terminal එක පරිවර්තනය කර ගැනීමට පහත විධානය භාවිතා කරන්න.  

mysql -u root -p

ඔබ විවිධ IDE භාවිතා කරමින් MySQL අධ්‍යයනය කරන්නෙක් නම් මේ ක්‍රමයත් යොදාගෙන බලන්න. මේ ක්‍රමය අමාරුයි. ඒත් MySQL ඉගෙන ගන්න නම් අපූරුයි.

4 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක්. අපේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි

    ReplyDelete
  2. ado machan,wadenam ela..meka hugak ayata wadagath wei..

    ReplyDelete
  3. වැදගත් ලපියතක්..........
    එළ......නියමෙයට පැහැදිලි කරලා තියනවනා
    SQL ඉගන ගන්න හැමොටම වැදගත් වෙවි......

    ReplyDelete
  4. patttay machoo... uba meka sirawatama wistara karalathiyanawa ban... godakma thnks ban..

    ReplyDelete

ඔබගේ අදහස් පවසන්න ...
මට ඒව මසුරන් වටිනවා ....